Ultimate magazine theme for WordPress.

චැප්මන්ගේ 87* නවසීලන්තයට කඩුලු හතක ජයක් ගෙනෙයි

Match Report

පාකිස්තානය සමග පැවැති තෙවැනි පන්දුවාර විස්සයි 20 තරගයෙන් කඩුලු 7ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරග 5කින් යුත් තරගාවලිය තරග 1-1 ක් ලෙස සම තත්ත්වයට රැගෙන ඒමට සංචාරක නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

රාවල්පින්ඩි හී දී පැවැති තරගය ජය ගැනීම සදහා පාකිස්තානයෙන් ලද ලකුණු 179 ක ඉලක්කය හඹා ගිය නවසීලන්තය පන්දුවාර 18.2 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

මාර්ක් චැප්මන් පන්දු 42 කින් නොදැවී ලකුණු 87 ක් ලබා ගනිමින් නවසීලන්තය ජයග්‍රහනය කරා රැගෙන ගියා. හයේ පහර 4ක් හා හතරේ පහර 9ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

ඩීන් ෆොක්ස්ක්‍රොෆ්ට් ලකුණු 31ක්, ටිම් රොබින්සන් ලකුණ 28 ක් හා ටිම් සයිෆර්ට් ලකුණු 21 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී අබ්බාස් අෆ්රිඩි ලකුණු 27 කට කඩුලු 2 ක් දවා ගත්තා.

පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය වෙනුවෙන් ශඩාබ් ඛාන් ලකුණු 41 ක්, බාබර් අසාම් ලකුණු 37 ක් හා සයීම් අයුබ් ලකුණු 32 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ඉෂ් සෝදි ලකුණු 25 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

Leave a comment