චාමික-බණ්ඩාරගේ ඉනිම් හමුවේ තියුණු සටනකින් පසු ෆැලක්න්ස් පිල අපරාජිත බව රැක ගනියි
Match Report

චාමික කරුණාරත්නගේ හා අශේන් බණ්ඩාරගේ සටන්කාමී ඉනිම් හමුවේ මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිය අපරාජිත බව රැක ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තවදුරටත් රැක ගැනීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම අද(10) සමත් වුණා.
ඒ, මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තරගාවලියේ 6 වැනි තරගයෙන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පරදා කඩුලු 3 ක තියුණු ජයක් වාර්තා කරමින්.
තරගය ජය ගැනීම සදහා ලකුණු 148 ක ඉලක්කයක් හඹා ගිය කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම ඉනිමේ අවසන් පන්දුවේ දී කඩුලු 7 ක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
පැතුම් නිස්කංක ලකුණු 29 කටත්, ඇන්ඩ්‍රි ෆ්ලෙචර් ලකුණු 11 කටත්, කමිදු මෙන්ඩිස් ලකුණු 19 කටත් දැවී ගියා. වනිදු හසරංග ලකුණු 6යි. ෆේබියන් ඇලන් ලකුණු නොලබා දැවී ගිය අතර, කාර්ලස් බ්‍රැත්වෙයිට් ලකුණු 3 කට දැවී ගියා.
අශේන් බණ්ඩාර පන්දු 39 කින් නොදැවී ලකුණු 44 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් කිරීමට උපක්‍රමශීලී ක්‍රියාමාර්ගයක් ලෙස ෆැල්කන්ස් කලමණාකාරීත්වය පියවර ගැනීම කැපී පෙනුණා. අවසන් පන්දුවාරය ආරම්භ වීමට පෙරයි ඔවුන් එම පියවර ගනු ලැබුවේ.
අවසන් පන්දුවාරයේ දී තරගය ජය ගැනීම සදහා ෆැල්කන්ස් කණ්ඩායමට ලකුණු 16 ක් අවශ්‍ය වූ අතර, ඒ අනුව චාමික කරුණාරත්න සමගින් පිටියේ එක් වූයේ ඉසුරු උදානයි.
චාමික විසින් එම පන්දුවාරයේ පළමු පන්දු දෙකටම හයේ පහර 2ක් එල්ල කරමින් තරගයේ පාලනය සිය කණ්ඩායම වෙතු නතු කර දුන්නා. (දර්ශන පහතින්) කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම තරගයේ අවසන් පන්දුවේ දී ජයග්‍රහනය තහවුරු කර ගත්තේ තරගයේ වීරයා සම්මානය ද චාමිකට හිමි කර දෙමින්. ඔහු පන්දු 16 කින් නොදැවී ලකුණු 26 ක් ලබා ගත්තා.
පන්දු යැවීමේ දී දුනිත් වෙල්ලාලගේ ලකුණු 17 කට කඩුලු 2 ක් දවා ගත් අතර, විජයකාන්ත් වියස්කාන්ත්, ජේම්ස් ෆුලර්, සමාන් ඛාන් හා මහීෂ් තීක්ෂණ කඩුල්ල බැගින් බිද හෙලීමට සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනූ ෆැල්කන්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 147 ක් ලබා ගත්තේ කඩුලු 7 ක් දැවී සිටියදීයි.
අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 31 යි. ෂොයිබ් මලික් ලකුණු 28 ක් ද, දුනිත් වෙල්ලාලගේ ලකුණු 20 ක් ද රැස් කළා.
පන්දු යැවීමේ දී ඉසුරු උදාන, ෆේබියන් ඇලන් හා නායක වනිදු හසරංග කඩුලු 2 බැගින් බිද හෙලුවා.
ඒ අනුව ෆැල්කන්ස් කණ්ඩායම මේ වන විට ක්‍රීඩා කළ තරග තුනම ජය ගනිමින් ප්‍රසාද ලකුණු 6 ක් හිමි කර ගෙන ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන අතර, දෙවැනි ස්ථානයේ රැදී සිටින කිංග්ස් කණ්ඩායම තරග 3න් තරග 2ක් ජය ගෙන ප්‍රසාද ලකුණු 4කට හිමිකම් කියනවා.
— cric sl (@cricslvideo) December 10, 2022