Ultimate magazine theme for WordPress.

චමීර ආසියානු කුසලානයෙන් ඉවතට ; තිදෙනෙකු අතිරේක ක්‍රීඩකයින් ලෙස නම් කෙරේ

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට මෙවර ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු පුහුණුවීම් අතරතුරදී මුහුණ දුන් වම් පාදයේ ආබාධයක් හේතුවෙන්.

ආසියානු කුසලානය වෙනුවෙන් මීට පෙර ප්‍රකාශයට පත් කෙරුණු ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට දුෂ්මන්ත චමීර ඇතුළත්ව සිටි නමුත්, ආබාධය සුව අතට පත් නොවීම හේතුවෙන් ඔහුට මෙම තරගාවලිය අහිමි වී තිබෙනවා.

ඒ අනුව ඔහු වෙනුවට එළඹෙන 27 වැනිදා සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වීමට නියමිත ආසියානු කුසලාන තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර  ආදේශ කිරීමටයි ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

මේ අතර, සංචිතයට නම් කර ඇති දිනේෂ් චන්දිමාල්, නුවනිදු ප්‍රනාන්දු හා නුවන් තුෂාර අතිරේක ක්‍රීඩකයින් ලෙස නම් කර ඇති බැවින් ඔවුන් තිදෙනා ශ්‍රී ලංකා කණ්ඩායම සමග එළඹෙන 24 වැනිදා දිවයිනෙන් පිටත්ව නොයන බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.