චමරි අයි.සී.සී සම්මානයක් සදහා නිර්දේශ කෙරේ

සැප්තැම්බර් මාසයට අදාළ අයි.සී.සී මාසයේ ක්රිකට් ක්රීඩකයා හා ක්රීඩිකාව යන සම්මාන සදහා නිර්දේශිත නාම ජගත් ක්රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව මාසයේ ක්රිකට් ක්රීඩකයා සම්මානය සදහා වන නිර්දේශිත නාමවලට ඉන්දීය ක්රීඩකයින් දෙදෙනෙකු හා එංගලන්ත ක්රීඩකයෙකු ඇතුළත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
ඉන්දීය ආරම්භක පිතිකරු ෂුබ්මන් ගිල් හා වේග පන්දු යවන ක්රීඩක මොහමඩ් සිරාජ් මෙම සම්මානය සදහා නිර්දේශ කර ඇති අතර, එංගලන්ත ක්රීඩක ඩේවිඩ් මලාන් ද නිර්දේශිත නාම අතරට ඇතුළත්.
මාසයේ ක්රීඩිකාව සම්මානය සදහා නිර්දේශිත නාම අතරට ශ්රී ලංකා නායිකා චමරි අතපත්තු ද ඇතුළත් කර තිබෙනවා.
ඇයට අමතරව දකුණු අප්රිකාවේ Laura Wolvaardt හා Nadine de Klerk යන ක්රීඩිකාවන් ද මෙම සම්මානය සදහා මෙවර නිර්දේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.