Ultimate magazine theme for WordPress.

චමරි අතපත්තු WPL වරම් හිමි කර ගත් තරගයෙන් වොරියර්ස් පිලට කඩුලු හයක ජයක්

Match Report

2024 කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) ක්‍රිකට් තරගාවලියේ 8 වැනි තරගයෙන් ගුජරාට් ජයන්ට්ස් කාන්තා කණ්ඩායම පරදා කඩුලු හයක ජයක් වාර්තා කිරීමට යූපී වොරියර්ස් කාන්තා කණ්ඩායම අද(1) සමත් වුණා.

බැංගලූරුහී දී පැවැති මෙම තරගයේ දී වොරියර්ස් පිල වෙනුවෙන් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු කාන්තා ප්‍රිමියර් ලීග් වරම් දිනා ගැනීම ද විශේෂත්වයක්.

තරගයේ කාසියේ වාසිය දිනූ වොරියර්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ජයන්ට්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 142 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ වොරියර්ස් කණ්ඩායම පන්දුවාර 15.4 ක් අවසානයේ කඩුලු 4ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

Grace Harris නොදැවී ලකුණු 60 ක් ලබා ගත්තේ පන්දු 33 කින්. නායිකා Alyssa Healy ලකුණු 33 යි. පන්දු යැවීමේ දී Tanuja Kanwar කඩුලු 2ක් දවා ගත්තා.

පළමුව පන්දුවට පහරදුන් ගුජරාට් ජයන්ට්ස් ඉනිම වෙනුවෙන් Phoebe Litchfield ලකුණු 35 ක් හා Ashleigh Gardner ලකුණු 30 ක් රැස් කළා. පන්දු යැවීමේ දී Sophie Ecclestone කඩුලු තුනක් බිද හෙලුවේ ලකුණු 30 ක් ලබා දෙමින්.

චමරි අතපත්තු මෙම තරගයේ දී වොරියර්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීම ආරම්භ කළ අතර, ඇය පන්දුවාර 4ක් යොමු කරමින් ලකුණු 19 ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දුන් නමුත්, කිසිදු කඩුල්ලක් දවා ගැනීමට හැකි වූයේ නැහැ.

පිතිකරණයේ දී අංක 3 පිතිකාරිණිය ලෙස පිටියට පිවිසි චමරි පන්දු 11 කින් ලකුණු 17 ක් ලබා ගත්තා. ඒ, හතරේ පහර 4ක් ද සමගින්.

Leave a comment