Ultimate magazine theme for WordPress.

චමරි යළිත් මෙල්බර්න් රෙනෙගේඩ්ස් කණ්ඩායමට

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු මෙවර ඔස්ට්‍රේලියානු කාන්තා බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා එක්ව තිබෙනවා.

ඒ අනුව ඇය මෙවර තරගාවලියේ ඉතිරි තරග වෙනුවෙන් සිය කණ්ඩායම සමග ගිවිසුම්ගතව ඇති බවයි මෙල්බර්න් රෙනෙගේඩ්ස් (Melbourne Renegades) කණ්ඩායම නිවේදනය කළේ.

එම කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටි ඉන්දීය නායිකා හර්මන්ප්‍රීට් කෝවුර්ට ආබාධයක් හේතුවෙන් මෙවර තරගාවලියෙන් ඉවත් වීමට පසුගියදා සිදු වුණා.

ඒ අනුව ඇය වෙනුවටයි චමරි අතපත්තු මෙල්බර්න් රෙනෙගේඩ්ස් කණ්ඩායම සමග ගිවිසුම් ගතව ඇත්තේ.

32 හැවිරිදි අතපත්තු මීට පෙර ද රෙනෙගේඩ්ස් කණ්ඩායම නියෝජනය කර ඇති අතර, ඇය පර්ත් ස්කෝචර්ස් (Perth Scorchers) කණ්ඩායම වෙනුවෙන් ද ක්‍රීඩා කර තිබෙනවා.

Show Comments (1)