Ultimate magazine theme for WordPress.

චන්දිමාල් ටෙස්ට් තරගයෙන් ඉවත් වී හදිසියේ යළි ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා මැදපෙළ ප්‍රතිකරු දිනේෂ් චන්දිමාල් බංගලාදේශය සමඟ මේ දිනවල පැවැත්වෙන දෙවෙනි ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ ඔහුගේ පවුලේ හදිසි වෛද්‍ය තත්ත්වයක් මත ඔහු එලෙස කණ්ඩායමෙන් ඉවත්වීමට තීරණය කර ඇති බවයි.

ඒ අනුව ඔහු වහාම යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඒ හේතුවෙන් ඔහුට චිතගොං හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරඟයේ සිව්වන දිනය වන අද දිනය සහ අවසන් දිනය වන හෙට දිනය ක්‍රීඩා කිරීමට හැකි වන්නේ නැහැ.

Leave a comment