චන්දිමාල්ගේ වෛද්‍ය වාර්තා නිකුත් වෙයි

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර දී ආබාධයකට ලක් වීම හේතුවෙන් රෝහල්ගත කෙරුණු ශ්‍රී ලංකා මැදපෙල පිතිකරු දිනේෂ් චන්දිමාල්ගේ වෛද්‍ය වාර්තා මේ වන විට නිකුත් වී තිබෙනවා.
මැන්චෙස්ටර්හි පැවැත්වෙන තරගයේ තෙවැනි දිනය වන අද(23) දිනයේ දී ශ්‍රී ලංකා දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටියදීයි පන්දුවක් වැදීම හේතුවෙන් ඔහුගේ දකුණු අතේ ඇගිල්ලක ආබාධයක් සිදු වුණේ.
අනතුරුව ඔහුව රෝහල්ගත කිරීමට පියවර ගැණුනු අතර, එහිදී ඔහු වෛද්‍ය පරීක්ෂණ සදහා මුහුණ දී තිබුණා.
එම වෛද්‍ය වාර්තාවලට අනුව ඔහුගේ ආබාධය බරපතල නොවන බවටත්, අස්ථි බිදී යාමක් සිදුව නොමැති බවටත් අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව ඔහුට මෙම ටෙස්ට් තරගයේ දී අවශ්‍ය වුවහොත් යළි පිතිකරණයේ නිරත වීමට හැකි වනු ඇති.
චන්දිමාල් ලකුණු 10 ක් ලබා සිටියදී මාර්ක් වුඩ් යොමු කළ පන්දුවක් දකුණු අතේ ඇගිල්ලක වැදීම හේතුවෙන් මෙම ආබාධය සිදු වූ අතර, අනතුරුව අඛණ්ඩව පිතිකරණයේ නිරත වීමට චන්දිමාල්ට නොහැකි වුණා.