Ultimate magazine theme for WordPress.

කොන්වේ, ගයික්වඩ් හා පන්දු යවන්නන් චෙන්නායි පිල අවසන් වටයට ගෙන යයි

Match Report

රුටුරාජ් ගයික්වඩ්ගේ හා ඩෙවෝන් කොන්වේගේ විශිෂ්ඨ අර්ධ ශතක හා දීපක් චහාර් පන්දු යැවීමෙන් දැක් වූ දක්ෂතා හේතුවෙන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 67 වැනි තරගයෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරදා ලකුණු 77 ක ජයක් වාර්තා කරමින් තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට චෙන්නායි සුපර් කණ්ඩායම අද(20) සමත් වුණා.

දිල්ලි හි පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 224 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුලු 9 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 146 ක් පමණයි.

ඩේවිඩ් වෝනර් පන්දු 58 කින් ලකුණු 86 ක් රැස් කළේ හයේ පහර 5 ක් හා හතරේ පහර 7 ක් සමගින්. වෙනත් කිසිදු පිතිකරුවෙකුගෙන් ඉනිමට සාර්ථක දායකත්වයක් හිමි වූයේ නැහැ.

පන්දු යැවීමේ දී දීපක් චහාර් කඩුලු 3 ක් දවා ගත්තේ ලකුණු 22 ක් ලබා දෙමින්. මතීෂ පතිරණ ලකුණු 22 කට කඩුලු 2 ක් බිද හෙලුවා.(දර්ශන පහතින්) තරගයේ අවසන් පන්දුවාරය ද යොමු කළ මහීෂ් තීක්ෂණ එම පන්දුවාරය නිලකුණු පන්දුවාරයක් ලෙස යොමු කරමින් කඩුලු 2 ක් දවා ගැනීම කැපී පෙනුණා. ඔහු මෙම තරගයේ දී ලකුණු 23 ක් ලබා දෙමිනුයි කඩුලු 2 බිද හෙලුවේ.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ලකුණු 223 ක් රැස් කළේ කඩුලු 3 ක් දැවී සිටියදීයි.

ගයික්වඩ් හා කොන්වේ අතර පළමු කඩුල්ල සදහා ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 141 ක්. ගයික්වඩ් ලකුණු 79(50) ක් හා කොන්වේ ලකුණු 87(52) ක් රැස් කළා. ගයික්වඩ්ගේ ඉනිමට හයේ පහර 7ක් හා හතරේ පහර 3 ක් ඇතුළත් වුණා.

ශිවම් ඩූබේ ලකුණු 22(9) ක් හා රවීන්ද්‍ර ජඩේජා නොදැවී ලකුණු 20(7) ක් රැස් කළා. පන්දු යැවීමේ දී කලීල් අහ්මඩ්, අන්රික් නොකියා හා චේතන් සාකරියා කඩුල්ල බැගින් දවා ගත්තා.

Leave a comment