Ultimate magazine theme for WordPress.

කොන්ත්‍රාත් අත්සන් කළ ක්‍රීඩකයින් 39 ක් දඹුල්ලේ දී සහ කොළඹදී බුබුලු දෙකකට

2021/2022 සදහා වන වාර්ෂික ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කළ ක්‍රීඩකයින් 39 දෙනෙකු කණ්ඩායම් දෙකක් ලෙස දඹුල්ල සහ කොළඹ දී ජෛව ආරක්ෂිත බුබුලු දෙකකට ඇතුළු වී තිබෙනවා.

ඉදිරි තරගාවලි අරමුණු කර ගනිමින් එම ක්‍රීඩකයින් බුබුලු දෙකකට වෙන් කර පුහුණු කටයුතු ආරම්භ කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ජ්‍යෙෂ්ඨ (Senior), ‘A’ කණ්ඩායම් (‘A’ team) සහ නැගීඑන (Emerging) යන කාණ්ඩ යටතේ කොන්ත්‍රාත් අත්සන් කළ ක්‍රීඩකයින් මෙලෙස කණ්ඩායම් දෙකකට වෙන් කර ඇති බව සදහන්.

ක්‍රීඩකයින් 26 දෙනෙකු දඹුල්ල ක්‍රීඩාංගනයේ දී ජූනි 25 වනදා සිට නේවාසික පුහුණු කදවුරකට එක්ව සිටිනවා.

ඔවුන් ජූලි 22 දක්වා එහි රැදී සිටීමට නියමිතයි.

තවත් ක්‍රීඩකයින් 13 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් හෙට(2) සිට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පුහුණුවීම් ආරම්භ කරන බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ඔවුන් ජූලි 10 වැනිදා දක්වා පුහුණවීම් කටයුතු සිදු කරනවා.

දඹුල්ලේ දී සහ කොළඹ දී පුහුණු කටයුතුවල නිරතවන ක්‍රීඩකයින් –

THE SQUAD TRAINING AT DAMBULLA :

01) Lahiru Udara – ‘A’ Team
02) Nishan Madushka – ‘A’ Team
03) Nipun Dhananjaya – Emerging
04) Saminda Fernando – Emerging
05) Shammu Ashan – Emerging
06) Sahan Arachchige – Emerging
07) Udith Madushan – Emerging
08) Kalana Perera – Emerging
09) Nimesh Vimukthi – Emerging
10) Mahesh Theekshana – Emerging
11) Sangeeth Cooray – ‘A’ team
12) Sadeera Samarawickrema – ‘A’ team
13) Kamil Mishara – ‘A’ team
14) Nuwanidu Fernando – Emerging
15) Minod Bhanuka – ‘A’ team
16) Kamindu Mendis – ‘A’ team
17) Suminda Lakshan – ‘A’ team
18) Chamika Gunasekera – Emerging
19) Dilshan Madushanka – ‘A’ team
20) Nuwan Thushara – Emerging
21) Ashen Daniel – Emerging
22) Himesh Ramanayake – Emerging
23) Lahiru Samarakoon – Emerging
24) Lasith Abeyratne – Emerging
25) Mohomed Shiraz – ‘A’ team
26) Pulina Tharanga – Emerging

THE SQUAD WHICH WILL COMMENCE TRAINING IN COLOMBO :

01) Dilshan Munaweera – Senior category
02) Sandun Weerakkody – Senior category
03) Angelo Perera – Senior category
04) Ashan Priyanjan – Senior category
05) Roshen Silva – Senior category
06) Asela Gunaratne – Senior category
07) Chathuranga De Silva – Senior category
08) Lahiru Madushanka – Senior category
09) Milinda Siriwardena – Senior category
10) Lahiru Gamage – Senior category
11) Jefferey Vandersay – Senior category
12) Prabath Jayasuriya – Senior category
13) Malinda Pushpakumara – Senior category

Leave a comment