Ultimate magazine theme for WordPress.

නවතම කොන්ත්‍රාත් ගිවිසුම් අනුව ඉන්දීය ක්‍රීඩකයින්ට ලැබෙන වැටුප මෙන්න

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නවතම වාර්ෂික (2023-24) මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුම්ගත වූ ක්‍රීඩක ලැයිස්තුව ඊයේ (28) නිවේදනය කළ බව අප ඔබට මීට පෙර තොරතුරු වාර්තා කළා.

එහිදී ෂ්රෙයස් අයියර්ට හා ඉෂාන් කිෂන්ට කොන්ත්‍රාත් හිමි නොවූ අතර, යශස්වි ජයිස්වාල් පළමු වරට එරට ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුමක් හිමි කර ගත්තා.

මෙම වසරේ දී A+, A, B, C යන කාණ්ඩ ඔස්සේ ක්‍රීඩකයින් 30 දෙනෙකුට වාර්ෂික කොන්ත්‍රාත් ලබා දී තිබෙනවා.

ඊට අමතරව වේග පන්දු යවන්නන් 5 දෙනෙකුට වේග පන්දු යවන කොන්ත්‍රාත් ලබා දීමටයි පියවර ගෙන තිබුණේ.

මෙම ලිපියෙන් අප අවධානය යොමු කරන්නේ ඒ ඒ කාණ්ඩවලට ඇතුළත් ක්‍රීඩකයින්ට ලැබෙන වැටුප් පිළිබදවයි.

A+ කාණ්ඩය

මෙම කාණ්ඩයෙන් කොන්ත්‍රාත් හිමි වූ ක්‍රීඩකයින් ගණන 4ක්. ඔවුන්ට වාර්ෂිකව ඉන්දීය රුපියල් කෝටි 7ක වැටුපක් හිමි වනවා.

මෙම කාණ්ඩයෙන් කොන්ත්‍රාත් හිමි වූ ක්‍රීඩකයින් – Rohit Sharma, Virat Kohli, Jasprit Bumrah, Ravindra Jadeja.

A කාණ්ඩය

A කාණ්ඩයෙන් කොන්ත්‍රාත් හිමි වූ ක්‍රීඩකයින් ගණන 6 ක්. ඔවුන්ට වාර්ෂිකව ඉන්දීය රුපියල් කෝටි 5ක වැටුපක් හිමි වනවා.

මෙම කාණ්ඩයෙන් කොන්ත්‍රාත් හිමි වූ ක්‍රීඩකයින් – R Ashwin, Mohd. Shami, Mohd. Siraj, KL Rahul, Shubman Gill, Hardik Pandya.

B – කාණ්ඩය

මෙම කාණ්ඩයෙන් කොන්ත්‍රාත් හිමි වූ ක්‍රීඩකයින් ගණන 5 ක්. ඔවුන්ට වාර්ෂිකව ඉන්දීය රුපියල් කෝටි 3ක වැටුපක් හිමි වනවා.

B කාණ්ඩයෙන් කොන්ත්‍රාත් හිමි වූ ක්‍රීඩකයින් – Surya Kumar Yadav, Rishabh Pant, Kuldeep Yadav, Axar Patel , Yashasvi Jaiswal.

C – කාණ්ඩය

C කාණ්ඩයෙන් කොන්ත්‍රාත් හිමි වූ ක්‍රීඩකයින් ගණන 15 ක්. ඔවුන්ට වාර්ෂිකව ඉන්දීය රුපියල් කෝටියක වැටුපක් හිමි වනවා.

මෙම කාණ්ඩයෙන් කොන්ත්‍රාත් හිමි වූ ක්‍රීඩකයින් – Rinku Singh, Tilak Verma, Ruturaj Gaekwad, Shardul Thakur, Shivam Dube, Ravi Bishnoi, Jitesh Sharma, Washington Sundar, Mukesh Kumar, Sanju Samson, Arshdeep Singh, KS Bharat, Prasidh Krishna, Avesh Khan, Rajat Patidar.

  • Fast Bowling contracts

Akash Deep, Vijaykumar Vyshak, Umran Malik, Yash Dayal and Vidwath Kaverappa.

ALSO READ : ඉෂාන් කිෂන්ට හා ෂ්රෙයස් අයියර්ට දුන්නේ දඩුවමක් ද? කොන්ත්‍රාත්තු අහිමි කළ හේතුව මෙන්න