කොදෙව් සුපිරි පිතිකරුවා LPL තරගාවලියට

බටහිර ඉන්දීය කොදෙව් ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන එවින් ලුවිස් ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය සදහා ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම සමග එක්ව තිබෙනවා.
LPL තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාව (Draft) අද(5) පස්වරුවේ සිදු කෙරෙන අතර, ඊට පෙර සෑම කණ්ඩායමකටම විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකු හා දේශීය ක්‍රීඩකයින් දෙදෙනෙකු සමග සෘජුවම ගිවිසුම්ගත වීමේ අවස්ථාව ලබා දී තිබුණා.
ඒ අනුවයි එලෙස සෘජුවම ගිවිසුම්ගත වූ ක්‍රීඩකයෙකු ලෙස එවින් ලුවිස් සිය සංචිතයට මිලදී ගැනීමට කින්ග්ස් කළමණාකාරීත්වය පියවර ගෙන ඇත්තේ.
කැරිබියන් ප්‍රිමියර් ලීග් (CPL) තරඟාවලියක වැඩිම හයේ පහරවල් ප්‍රමාණයක් එල්ල කල ක්‍රීඩකයා ලෙස ඔහු විසින් 2021 වසරේ දී නව වාර්තාවක් ද පිහිටුවනු ලැබුවා.
ALSO READ : ජැෆ්නා කිංග්ස් රදවා ගත් හා ගිවිසුම්ගත වූ දේශීය ක්‍රීඩකයින් 6 දෙනා නිවේදනය කෙරේ
ඔහු විසින් බිඳ දැමුවේ සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් තබා තිබූ වර්තාවක්.