Ultimate magazine theme for WordPress.

කොදෙව් එක්දින සංචිතයට අවසන් මොහොතේ වෙනස්කම් කිහිපයක්

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග අද(17) ආරම්භ වන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට වෙනස්කම් කිහිපයක් සිදු කර තිබෙනවා.

ඒ අනුව සංචිතය සදහා මීට පෙර නම් කෙරුණු වමත් පිතිකරු ශිම්රන් හෙට්මයර් පෞද්ගලික හේතුවක් මත මෙම තරගාවලියට ක්‍රීඩා නොකරන බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ආබාධයක් හේතුවෙන් තුන් ඉරියව් ක්‍රීඩක කීමෝ පෝල්ට තරගාවලියෙන් ඉවත් වීමට සිදුව ඇති බවත්, ඉන්දියාවට එරෙහි තරගාවලියේ දී අතක ආබාධයකට ලක් වූ වමත් දග පන්දු යවන ක්‍රීඩක Gudakesh Motie මෙතෙක් සුවය ලබා නොමැති බවත් කොදෙව් ක්‍රිකට් ආයතනය පෙන්වා දෙනවා.

ඒ අනුව මැදපෙල පිතිකරුවෙකු වන ජර්මයින් බ්ලැක්වුඩ්, පා දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක Yannic Cariah සංචිතයට ආදේශ කිරීමට එරට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

බ්ලැක්වුඩ් එක්දින සංචිතයට නම් කර ඇත්තේ 2015 වසරෙන් පසුව පළමුවරට වීම විශේෂත්වයක්.

Yannic Cariah පළමු වරටයි එරට ජාතික සංචිතයට නම් කර ඇත්තේ.

මේ අතර, අතිරේක ක්‍රීඩකයෙකු ලෙස වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක ඔඩියන් ස්මිත් ද කොදෙව් එක්දින සංචිතය සමග එක්ව තිබෙනවා.

WI SQUAD :

Nicholas Pooran (C), Shai Hope (VC), Jermaine Blackwood, Shamarh Brooks, Yannic Cariah, Keacy Carty, Jason Holder, Akeal Hosein, Alzarri Joseph, Brandon King, Kyle Mayers, Jayden Seales, Kevin Sinclair

Traveling Reserve

Odean Smith

MATCH SCHEDULE :

17 August: 1st ODI at Kensington Oval, Barbados.

19 August: 2nd ODI at Kensington Oval.

21 August: 3rd ODI at Kensington Oval.

Leave a comment