කේන් විලියම්සන් තනතුරක් අත්හරියි

නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වීමට කේන් විලියම්සන් පියවර ගෙන තිබෙනවා.
වසර 6ක කාලයක් එම ධූරයේ කටයුතු කිරීමෙන් පසුවයි විලියම්සන් මෙලෙස ටෙස්ට් නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කර ඇත්තේ.
ඒ අනුව එළඹෙන පාකිස්තාන තරග සංචාරයේ දී නවසීලන්ත ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය දැරීමේ වගකීම ටිම් සවුතිට පැවරී තිබෙනවා.
නවසීලන්ත ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස කේන් විලියම්සන් 2021 වසරේ දී අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලිය ජය ගැනීම සදහා ද සිය කණ්ඩායමට මග පෙන්වනු ලැබුවා.
ටෙස්ට් නායකත්වයෙන් සමුගත්ත ද, ඔහු තවදුරටත් එක්දින හා 20යි 20 කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කිරීමට නියමිතයි.
එමෙන්ම 32 හැවිරිදි කේන් විලියම්සන් ඉදිරියේදීත් තරග රටා ත්‍රිත්වයම ක්‍රීඩා කිරීමට සූදානමින් පසුවනවා.
බ්‍රෙන්ඩන් මැකලම්ගෙන් පසුව 2016 වසරේ දී ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට පත් වූ විලියම්සන් ටෙස්ට් තරග 40 කදී සිය කණ්ඩායම මෙහෙයවනු ලැබුවා.
එහිදී තරග 22 ක් ජය ගත් නවසීලන්තය තරග 10 ක් පරාජයට පත් වුණා. තරග 8ක් අවසන් වූයේ ජය පරාජයෙන් තොරවයි.
ටෙස්ට් නායකයා ලෙස කේන් විලියම්සන් නවසීලන්තය වෙනුවෙන් ශතක 11 ක් වාර්තා කර ඇති අතර, නායකයා ලෙස ඔහුගේ පිතිකරණ සාමාන්‍ය සටහන්ව ඇත්තේ 57 ක් ලෙසයි.