කුසල් මෙන්ඩිස් රෝහල් ගත කෙරේ ; වනිදුටත් ශල්‍යකර්මයක්

ශ්‍රී ලංකා මුල් පෙල පිතිකරු කුසල් මෙන්ඩිස් හයිදරාබාද් නුවර රෝහලක් වෙත ඇතුළත් කර තිබෙනවා.
ඒ, පාකිස්තානය සමග මේ වන විට පැවැත්වෙන මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 8 වැනි තරගයේ දී මුහුණ දුන් ආබාධයක් හේතුවෙන්.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 9 ක් දැවී ලකුණු 344 ක් රැස් කළා.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් පන්දු 77කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 122 ක්. හයේ පහර 6කින් හා හතරේ පහර 14 කින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණා.
එම ඉනිම අතරතුර දී සිදු වූ ආබාධයක් (cramps) හේතුවෙන් වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සිදු කිරීම සදහා ඔහුව රෝහල්ගත කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
ඔහු වෙනුවට පාකිස්තාන ඉනිමේ දී දුෂාන් හේමන්ත පන්දු රැකීමේ කාර්යයේ නිරත වන අතර, කඩුලු රැකීමේ වගකීම පැවරී ඇත්තේ සධීර සමරවික්‍රමටයි.
මේ අතර, පාදයක ආබාධයකට ලක්ව සිටින ශ්‍රී ලංකා දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග ශල්‍යකර්මයකට මුහුණ දී තිබෙනවා.
Hi everyone,
I am happy to inform you that my surgery to repair the defect in my hamstring muscle/tendon was a success, thanks to the brilliant work of Prof. Fares Haddad and the amazing hospital staff.
I will see you soon.
WH49 😇🤞 pic.twitter.com/0HkaewRyG4
— Wanindu Hasaranga (@Wanindu49) October 10, 2023
🚨 Team Updates:
Kusal Mendis was taken to the hospital after the player suffered cramps upon returning from the field after his brilliant knock of 122 runs from 77 balls in the ongoing game vs. Pakistan.
Dushan Hemantha is on the field for Mendis, while Sadeera Samarawickrama… pic.twitter.com/yku4iLeJKe
— Sri Lanka Cricket 🇱🇰 (@OfficialSLC) October 10, 2023