කැමරන් බැන්ක්‍රොෆ්ට් රෝහල් ගත කෙරේ

පා පැදි අනතුරක් හේතුවෙන් කම්පන තත්ත්වයකට මුහුණ දුන් ඔස්ට්‍රේලියානු පිතිකරු කැමරන් බැන්ක්‍රොෆ්ට් රෝහල් ගත කර තිබෙනවා.
ඒ අනුව බ්‍රහස්පතින්දා (21) ආරම්භ වීමට නියමිත Sheffield Shield තරගාවලියේ අවසන් මහා තරගයේ දී බටහිර ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද ඔහුට අහිමි වී ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
බැන්ක්‍රොෆ්ට් සිය පා පැදියෙන් ගමන් කරමින් සිටියදී ඉන් ඇද වැටී ඇති බවත්, එහිදී ඔහුගේ හිස බිම වැදී ඇති බවත් සදහන්.
කෙසේ වෙතත්, ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.
Sheffield Shield තරගාවලියේ අවසන් මහා තරගය බටහිර ඔස්ට්‍රේලියාව හා තස්මේනියාව අතර පර්ත්හි WACA ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.