කාසියේ වාසිය හයිදරාබාද් පිලට ; මතීෂට තරගය අහිමි වෙයි – කණ්ඩායම් දෙක මෙන්න

ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ 18 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව ඔවුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.
තරගය හයිදරාබාද් හී දී පැවැත්වෙනවා. මෙම තරගය වෙනුවෙන් සන්රයිසස් කණ්ඩායම වෙනස්කම් දෙකක් සිදු කර ඇති අතර, චෙන්නායි කණ්ඩායම වෙනස්කම් 3ක් සිදු කර තිබෙනවා.
ඒ අනුව අද තරගය සදහා චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් ආබාධයකට ලක්වීම හේතුවෙන් මතීෂ පතිරණ ක්රීඩා කරන්නේ නැහැ.
කෙසේ වෙතත්, අද තරගය සදහා මහීෂ් තීක්ෂණ කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.
බංග්ලාදේශය බලා තාවකාලිකව පිටව ගිය මුස්ටර්ෆිසුර් රහ්මාන් ද මෙම තරගය සදහා ක්රීඩා නොකරන අතර, මොයීන් අලී කණ්ඩායමට කැදවා තිබෙනවා.
Sunrisers Hyderabad XI:
N.Kumar, A. Sharma, A. Markram, H. Klaasen (wk), A. Samad, S. Ahmed, P. Cummins (c), B. Kumar, M. Markande, J. Unadkat, T.Natarajan
Chennai Super Kings XI:
R. Ravindra, R. Gaikwad (c), A. Rahane, S. Dube, D. Mitchell, M.Ali, R. Jadeja, MS. Dhoni (wk), D. Chahar, T. Deshpande, M.Theekshana