Ultimate magazine theme for WordPress.

කාසියේ වාසිය බංග්ලාදේශයට – සධීර කණ්ඩායමෙන් ඉවතට

Toss Report

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ නායක නජ්මුල් හොසේන් ශන්තෝ සමත් වුණා.

ඒ අනුව ඔහු තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දීමටයි තීරණය කළේ.

තරගය සිල්හෙට් හී දී පැවැත්වෙන අතර, මෙම තරගය වෙනුවෙන් ශ්‍රී ලංකාව ප්‍රධාන වේග පන්දු යවන්නන් තිදෙනෙකු හා විශේෂඥ දග පන්දු යවන්නෙකු සමගින් ක්‍රීඩා කරනවා.

ඒ අනුව ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු හා කසුන් රාජිත යන ක්‍රීඩකයින් අද තරගය සදහා ක්‍රීඩා කරන බවයි නායක ධනංජය ද සිල්වා සදහන් කළේ.

එමෙන්ම සධිර සමරවික්‍රම වෙනුවට කමිදු මෙන්ඩිස් අද තරගය වෙනුවෙන් කැදවා තිබීම ද විශේෂත්වයක්.

Sri Lanka XI:

Dimuth Karunaratne, Nishan Madushka, Kusal Mendis (wk), Angelo Mathews, Dinesh Chandimal, Dhananjaya de Silva (c), Kamindu Mendis, Prabath Jayasuriya, Vishwa Fernando, Kasun Rajitha, Lahiru Kumara

Bangladesh XI:

Mahmudul Hasan Joy, Zakir Hasan, Najmul Hossain Shanto (c), Mominul Haque, Litton Das (wk), Shahadat Hossain, Mehidy Hasan Miraz, Nahid Rana, Taijul Islam, Shoriful Islam, Khaled Ahmed