Ultimate magazine theme for WordPress.

කාසියේ වාසිය බංග්ලාදේශයට – ශ්‍රී ලංකාවෙන් වෙනස්කම් 3ක්

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට බංග්ලාදේශය සමත් වුණා.

ඒ අනුව ඔවුන් තරගයේ පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව යළි ශ්‍රී ලංකාවට ලබා දීමටයි තීරණය කළේ.

තරගය සිල්හෙට් හී දී පැවැත්වෙන අතර, අද තරගය වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් වෙනස්කම් 3ක් සිදු කර තිබෙනවා.

ඒ අනුව වනිදු හසරංග, නුවන් තුෂාර හා ධනංජය ද සිල්වා කණ්ඩායමට කැදවා ඇත්තේ මතීෂ පතිරණ, ඩිල්ෂාන් මදුෂංක හා අවිශ්ක ප්‍රනාන්දු වෙනුවටයි.

බංග්ලාදේශයෙන් මෙම තරගයට කිසිදු වෙනසක් සිදු කර නැහැ.

කණ්ඩායම් දෙක –

Sri Lanka XI:

Dhananjaya de Silva, Kusal Mendis(w), Kamindu Mendis, Sadeera Samarawickrama, Charith Asalanka, Angelo Mathews, Dasun Shanaka, Wanindu Hasaranga(c), Maheesh Theekshana, Binura Fernando, Nuwan Thushara

Bangladesh XI:

Litton Das(w), Soumya Sarkar, Najmul Hossain Shanto(c), Towhid Hridoy, Mahmudullah, Jaker Ali, Mahedi Hasan, Rishad Hossain, Taskin Ahmed, Shoriful Islam, Mustafizur Rahman