Ultimate magazine theme for WordPress.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවෙන් වෙනස්කම් දෙකක්

Toss Report

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක වනිදු හසරංග සමත් වුණා.

ඒ අනුව ඔහු තරගයේ පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව සිම්බාබ්වේ කණ්ඩායමට ලබා දීමටයි තීරණය කළේ.

තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

මෙම තරගය වෙනුවෙන් ශ්‍රී ලංකාව වෙනස්කම් දෙකක් සිදු කර ඇති අතර, ඒ අනුව චරිත් අසලංක හා කුසල් පෙරේරා වෙනුවට ධනංජය ද සිල්වා හා කමිදු මෙන්ඩිස් කණ්ඩායමට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

චරිත් අසලංක අසනීප තත්ත්වයකින් පසු වීම හේතුවෙන් මෙම තරගයට ක්‍රීඩා නොකරන බව සදහන්.

සිම්බාබ්වේ කණ්ඩායම සදහා ද එක් වෙනස්කමක් සිදු කර ඇති අතර, ඒ අනුව රයන් බර්ල් වෙනුවට Tony Munyonga කණ්ඩායමට කැදවා තිබෙනවා.

කණ්ඩායම් දෙක –

Zimbabwe XI :

Tinashe Kamunhukamwe, Craig Ervine, Brian Bennett, Sikandar Raza (c), Sean Williams, Tony Munyonga, Clive Madande (wk), Luke Jongwe, Wellington Masakadza, Blessing Muzarabani, Richard Ngarava
Sri Lanka XI :

Pathum Nissanka, Kusal Mendis (wk), Sadeera Samarawickrama, Kamindu Mendis, Angelo Mathews, Dhananjaya de Silva, Dasun Shanaka, Wanindu Hasaranga (c), Maheesh Theekshana, Dushmantha Chameera, Dilshan Madushanka