කාන්තා T20 ලෝක කුසලානයේ දෙවැනි තරගයෙන් එංගලන්තයට කඩුලු 7ක පහසු ජයක්
Match Report

දකුණු අප්රිකාවේ පැවැත්වෙන කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කාන්තා කණ්ඩායම අද(11) සමත් වුණා.
Paarl හී දී පැවැති තරගයේ දී ඔවුන් හමුවේ පරාජයට පත් වූයේ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමයි.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් කඩුලු 7 ක් දැවී ලකුණූ 135 ක් ලබා ගත්තා. නායිකා Hayley Matthews ලකුණු 42 ක් රැස් කළ අතර, Shemaine Campbelle ලකුණු 34 ක් ලබා ගත්තා.
පන්දු යැවීමේ දී Sophie Ecclestone ලකුණු 23 කට කඩුලු 3 ක් බිද හෙලුවා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ එංගලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 14.3 ක් පමණක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්රාහී ඉලක්කය පසු කළා.
Nat Sciver-Brunt නොදැවී ලකුණු 40 ක් හා Sophia Dunkley ලකුණු 34 ක් ලබා ගත්තා. Heather Knight නොදැවී ලකුණු 32 යි.
පන්දු යැවීමේ දී Chinelle Henry ලකුණු 30 කට කඩුලු 2 ක් දවා ගත්තා.