Ultimate magazine theme for WordPress.

කාන්තා IPL තරගාවලියේ රූපවාහිනී විකාශන අයිතිය Viacom 18 නාලිකාවට

එළඹෙන කාන්තා ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ රූපවාහිනී විකාශන අයිතිය හිමි කර ගැනීමට Viacom 18 සමත්ව තිබෙනවා.

පළමු වසර 5 ක කාලය සදහා ඔවුන් එලෙස රූපවාහිනී විකාශන අයිතිය ලබා ගෙන ඇති බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් Jay Shah සදහන් කළේ.

ඉන්දීය රුපියල් කෝටි 951 ක ලංසුවක් යටතේයි Viacom 18 සමාගම විකාශන අයිතිය ලබා ගෙන ඇත්තේ.

ඒ අනුව එක් තරගයක විකාශන වටිනාකම සටහන් වන්නේ ඉන්දීය රුපියල් කෝටි 7.09 ක් ලෙසයි.

මීට පෙර 2023-27 කාලය සදහා අයි.පී.එල් පිරිමි තරගාවලියේ ඩිජිටල් විකාශන අයිතිය ද හිමි කර ගැනීමට සමත් වුණේ Viacom18 සමාගමයි.