Ultimate magazine theme for WordPress.

කාන්තා කණ්ඩායම් 8 ක් අද සිට දඹුල්ලේ දී තරග බිමට ; සජීවී විකාශය ගැන තොරතුරුත් නිවේදනය කෙරේ

2024 ආසියානු කුසලාන කාන්තා පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය අද(19) ආරම්භ වනවා.

තරගාවලිය අද සිට එළඹෙන 28 වැනිදා දක්වා රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව ඇත්තේ රටවල් 8ක සහභාගීත්වයෙන්.

තරගාවලියේ මූලික වටයේ තරග කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වීමට නියමිතයි.

  • Group A: India, Pakistan, Nepal, UAE
  • Group B: Sri Lanka, Bangladesh, Malaysia, Thailand

තරගාවලියේ පළමු තරගය අද එක්සත් අරාබි එමීර් රාජ්‍යය කාන්තා කණ්ඩායම හා නේපාල කාන්තා කණ්ඩායම අතර පස්වරු 2:00 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් ඉන්දියාව හා පාකිස්තානය අතර තරගය ද අද රාත්‍රී 7:00 ට පැවැත්වීමට නියමිතයි.

සත්කාරක ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය පැවැත්වෙන්නේ හෙට(20) රාත්‍රී 7:00 ට බංග්ලාදේශයට එරෙහිවයි.

මේ අතර, ප්‍රේක්ෂකයින්ට ක්‍රීඩාංගනයට පැමිණ තරගාවලියේ සියලු තරග නැරඹීම සදහා නොමිලේ අවස්ථාව ලබා දීමට ද තරගාවලියේ සංවිධායකයින් පියවර ගෙන තිබෙනවා.

Broadcaster List:

  • India: Star Sports & Hotstar
  • Nepal & Bhutan – Star Sports
  • Bangladesh – Gazi & T Sports
  • Sri Lanka – Supreme TV
  • Rest of the World – ACC YouTube channel

Schedule 

  • July 19, UAE vs Nepal – 2:00 PM
  • July 19, India vs Pakistan – 7:00 PM
  • July 20, Malaysia vs Thailand – 2:00 PM
  • July 20, Sri Lanka vs Bangladesh – 7:00 PM
  • July 21, India vs UAE – 2:00 PM
  • July 21, Pakistan vs Nepal – 7:00 PM
  • July 22, Sri Lanka vs Malaysia – 2:00 PM
  • July 22, Bangladesh vs Thailand – 7:00 PM
  • July 23, Pakistan vs UAE – 2:00 PM
  • July 23, India vs Nepal – 7:00 PM
  • July 24, Bangladesh vs Malaysia – 2:00 PM
  • July 24, Sri Lanka vs Thailand – 7:00 PM
  • July 26, Semi-final 1 – 2:00 PM
  • July 26, Semi-final 2 – 7:00 PM
  • July 28, Final – 7:00 PM