Ultimate magazine theme for WordPress.

ක්‍රීඩාංගන දෙකකදී පැවැත්වෙන MLC තරග කාලසටහන නිවේදනය කෙරේ

අමෙරිකා එක්සත් ජනපදයේ පළමු වරට පැවැත්වීමට නියමිත මේජර් ලීග් ක්‍රිකට් (MLC) පන්දුවාර 20යි 20 තරගාවලියේ තරග කාලසටහන නිවේදනය කර තිබෙනවා.

තරගාවලිය ජූලි 13 වැනිදා සිට 30 වැනිදා දක්වා ක්‍රීඩාංගන දෙකකදී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ සංවිධායකයින් නිවේදනය කළේ North Texas හි Grand Prairie ක්‍රීඩාංගනයේ දී හා Greater Raleigh හි Church Street Park ක්‍රීඩාංගනයේ දී තරගාවලිය පැවැත්වීමට තීරණය කර ඇති බවයි.

කණ්ඩායම් හයකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත තරගාවලිය සදහා තරග 19 ක් ඇතුළත්.

තරගාවලියට එක්වන කණ්ඩායම් 4 ක් සදහා ඉන්දීය ප්‍රිමියර් ලීග් කණ්ඩායම් 4ක් විසින් ආයෝජනය කර තිබීම ද විශේෂත්වයක්. ඒ අනුව Chennai Super Kings කණ්ඩායම විසින් Texas Super Kings කණ්ඩායම සදහා ද, Mumbai Indians කණ්ඩායම විසින් MI New York කණ්ඩායම සදහා ද, Kolkata Knight Riders කණ්ඩායම විසින් Los Angeles Knight Riders කණ්ඩායම සදහා ද, Delhi Capitals කණ්ඩායම විසින් Seattle Orcas කණ්ඩායම සදහා ද අයෝජනය කර තිබෙනවා.

ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක දසුන් ශානක හා සුපිරි දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග මේජර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට තෝරා ගෙන තිබුණ ද, තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට ඔවුන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අවසර ලබා දී නොමැති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත්, මෙරටින් ඇමෙරිකාවට සංක්‍රමණය වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙකු මෙම තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඒ අනුව හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන ශෙහාන් ජයසූරිය හා ඇන්ජෙලෝ පෙරේරා Seattle Orcas කණ්ඩායම විසින් සිය සංචිතය සදහා තෝරා ගෙන ඇති අතර, ලහිරු මිලන්ත ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ Texas Super Kings කණ්ඩායම සදහායි.

තරග කාලසටහන –

[wptb id=47096]

Leave a comment