Ultimate magazine theme for WordPress.

ක්‍රිකට් මුල් පුටුව යළි ශම්මිට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා මහතා අද(20) යළිත් නිතරගයෙන් තේරී පත් වුණා.

ඒ, 2023-2025 කාලය සදහා නිලධාරීන් පත් කර ගැනීම වෙනුවෙන් පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේදීයි.

ක්‍රිකට් ආයතනයේ 62 වැනි වාර්ෂික මහා සභා රැස්වීම අද පෙරවරු 10ට පමණ JAIC Hilton හෝටලයේ දී ආරම්භ වූ අතර, එහිදී ක්‍රිකට් ආයතනයේ නව නිළධාරී මඩුල්ල පත් කර ගැනීම සදහා වන නිලවරණය පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ කමිටුව විසින් කටයුතු කළා.

ශම්මි සිල්වා මහතා මෙලෙස සභාපතිධූරය සදහා තේරී පත් වුණේ තෙවැනි වරටයි.

ඔහු නිතරගයෙන් තේරී පත් වූ දෙවැනි අවස්ථාව ද මෙයයි.

තේරී පත් වූ නව නිලධාරීන් –

  • President – Shammi Silva
  • Secretary – Mohan de Silva
  • Vice Presidents – Ravin Wickramarathne, Jayantha Dharmadasa
  • Assistant Secretary – Krishantha Kapuwaththa
  • Treasure – Sujeewa Godaliyadda