ක්‍රිකට් ආයතනය විසිරුවා හරියි ; නව අතුරු කමිටුව මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහා අතුරු කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පියවර ගෙන තිබෙනවා.
ඒ, මෙතෙක් ක්‍රියාත්මක වූ ක්‍රිකට් ආයතනය විසිරුවා හරිමින්.
ඒ අනුව 1996 ලෝක ශූරතාවය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වූ අර්ජුන රණතුංග මහතා මෙම අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා.
අතුරු කමිටුවට සාමාජිකයින් 7 දෙනෙකු ඇතුළත්.
ඒ අනුව විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු S.I ඉමාම්, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිනී මාරසිංහ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අයිරංගනී පෙරේරා, උපාලි ධර්මදාස, නීතිඥ රකිත රාජපක්ෂ, හිෂාම් ජමල්දීන් යන මහත්ම මහත්මීන් ද මෙම අතුරු කමිටුවට ඇතුළත්.