Ultimate magazine theme for WordPress.

කමින්ස්ට කෝටි 64 කට වැඩි මුදලක් ; ඔස්ට්‍රේලියානු ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුම් ලැයිස්තුව මෙන්න

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් වාර්ෂික මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුම් හිමි වූ ක්‍රීඩක ලැයිස්තුව අද(6) ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව පුළුල් කරන ලද කොන්ත්‍රාත් ලැයිස්තුවට ලාන්ස් මොරිස්, මයිකල් නෙසර්, ජායි රිචර්ඩ්සන් හා ශෝන් ඇබෝට් යන වේග පන්දු යවන්නන් ඇතුළත් කිරීමටයි එරට ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇත්තේ.

ඉන්දියාවේ දී ටෙස්ට් වරම් දිනා ගනිමින් මෑතකදී ඉහළ දක්ෂතා දැක් වූ දග පන්දු යවන ක්‍රීඩක ටොඩ් මර්ෆි ද කොන්ත්‍රාත් හිමි නාමලේඛනයට ඇතුළත්.

ජාත්‍යන්තර පිටියෙන් සමු ගත් ආරොන් ෆින්ච්ට අමතරව පා දග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්වෙප්සන්ට ද කොන්ත්‍රාත් ගිවිසුමක් මෙවර අහිමි වී තිබෙනවා.

2021/22 අලුබදුන තරගාවලියෙන් පසුව මෙතෙක් ටෙස්ට් තරගයක් ක්‍රීඩා නොකළ ආරම්භක පිතිකරු මර්කස් හැරිස් කොන්ත්‍රාත් ගිවිසුමක් හිමි කර ගෙන තිබීම විශේෂත්වයක්.

කෙසේ වෙතත්, පීටර් හැන්ඩ්ස්කොම්බ් හා මැට් රේන්ෂෝට කොන්ත්‍රාත් ගිවිසුම් මෙවර හිමිව නැහැ.

මීට පෙර කොන්ත්‍රාත් ගිවිසුම් 20 ක් පමණක් ලබා දුන් නමුත්, මෙවර ක්‍රීඩකයින් 24 දෙනෙකු සදහා කොන්ත්‍රාත් ගිවිසුම් ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

මේ අතර, තවදුරටත් ඉහළම ගෙවීමක් ලබන ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයා බවට පත්ව ඇත්තේ නායක පැට් කමින්ස්.

ඔහුට ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 3 කට වැඩි ගෙවීමක් ඉදිරි වසරක කාලය තුළ දී ලැබීමට නියමිතයි.  (ශ්‍රී ලංකා මුදලින් රුපියල් 643,440,000 පමණ) (කෝටි 64 ක්)

අවම කොන්ත්‍රාත් ගිවිසුමක වටිනාකම ඔස්ට්‍රේලියානු ඩොලර් 367,000 ක් පමණ වනවා.(රුපියල් 78,761,136)

කොන්ත්‍රාත් ගිවිසුම් හිමි වූ ක්‍රීඩක ලැයිස්තුව :

Sean Abbott, Ashton Agar, Scott Boland, Alex Carey, Pat Cummins, Cameron Green, Marcus Harris, Josh Hazlewood, Travis Head, Josh Inglis, Usman Khawaja, Marnus Labuschagne, Nathan Lyon, Mitchell Marsh, Glenn Maxwell, Lance Morris, Todd Murphy, Michael Neser, Jhye Richardson, Steve Smith, Mitchell Starc, Marcus Stoinis, David Warner, Adam Zampa

මේ අතර, ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් සදහා වන වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුම් ද ඊයේ ප්‍රකාශයට පත් කෙරුණා.

Australia women central contracts :

Darcie Brown, Ashleigh Gardner, Kim Garth, Heather Graham, Grace Harris, Alyssa Healy, Jess Jonassen, Alana King, Meg Lanning, Phoebe Litchfield, Tahlia McGrath, Beth Mooney, Ellyse Perry, Megan Schutt, Annabel Sutherland, Tayla Vlaeminck, Georgia Wareham

Leave a comment