කම්පන තත්ත්වය නිසා විල් පුකොව්ස්කිට Leicestershire ගිවිසුම අහිමි වෙයි

එළඹෙන බ්‍රිතාන්‍ය අන්තර් ප්‍රාන්ත සිව්දින ක්‍රිකට් තරගාවලියේ දී (County Championship) Leicestershire කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීම සදහා ඔස්ට්‍රේලියානු පිතිකරු විල් පුකොව්ස්කි අත්සන් තබා තිබූ ගිවිසුම අවලංගු කර තිබෙනවා.
ඒ, ඔහු මෙම මස මුලදී දේශීය ප්‍රාන්ත තරගයක් අතරතුර පිතිකරණයේ නිරතව සිටියදී පන්දුවක් හිස් ආවරණයේ වැදීම නිසා යළිත් වරක් මුහුණ දුන් කම්පන (concussion) තත්ත්වයෙන් මෙතෙක් සම්පූර්ණයෙන් සුවය ලබා නොමැති බැවින්.
26 හැවිරිදි ඔහු ප්‍රාන්ත තරගාවලියේ පළමු තරග පහ සදහා ක්‍රීඩා කිරීමට මීට පෙර ගිවිසුම්ගත වී තිබුණා.
විල් පුකොව්ස්කි වෙනුවට ඔස්ට්‍රේලියානු පිතිකරු මර්කස් හැරිස් සමග පළමු තරග පහ වෙනුවෙන් Leicestershire කණ්ඩායම මේ වන විට ගිවිසුම්ගත වී ඇති බව සදහන්.
2021 වසරේ දී ද ඔහු එම ප්‍රාන්ත කණ්ඩායමට ක්‍රීඩා කළ අතර, එහිදී පළමු පෙල ලකුණු 655 ක් රැස් කිරීමට ඔහු සමත් වුණේ 54.58 ඉනිමක සාමාන්‍යයක් සටහන් කර ගනිමින්.