Ultimate magazine theme for WordPress.

කණ්ඩායම් හතරකගේ සහභාගීත්වයෙන් WNSL තරගාවලිය අද සිට කොළඹ දී

කාන්තා නැෂනල් සුපර් ලීග් (WNSL) ක්‍රිකට් තරගාවලියක් අද සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

එක්දින හා පන්දුවාර 20යි 20 තරගරටා ද්විත්වයෙන්ම පෙබරවාරි මාසයේ දී මෙම තරගාවලිය පවත්වා අවසන් කිරීමටයි තීරණය කර ඇත්තේ.

ඒ අනුව එක්දින තරගාවලිය අද(6) සිට එළඹෙන 12 වැනිදා දක්වා කොළඹ ක්‍රීඩාංගන තුනකදී – කෝල්ට්ස්, පී සරා හා බී ආර් සී – පැවැත්වීමට නියමිතයි.

කොළඹ, මහනුවර, ගාල්ල හා දඹුල්ල යන කණ්ඩායම් හතර මෙම තරගාවලිය සදහා ක්‍රීඩා කරනවා.

20යි 20 තරගාවලිය කෝල්ට්ස් ක්‍රීඩාංගනයේ දී පමණක් ලබන 15 වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

තරගාවලියේ සංචිත 4 සදහා ක්‍රීඩිකාවන් 60 දෙනෙකු ඇතුළත්.