Ultimate magazine theme for WordPress.

කඩුලු 10 ක ජයක් සමග ඉන්දියාව තරගාවලියේ ජය තහවුරු කර ගනියි

Match Report

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති සිව්වැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 10 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරග 5 කින් යුත් විස්සයි 20 තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට (3-1) සංචාරක ඉන්දීය කණ්ඩායම අද(13) සමත් වුණා.

හරාරේ හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 152 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 15.2 ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

යශස්වි ජයිස්වාල් පන්දු 53 කින් නොදැවී ලකුණු 93 ක් රැස් කළේ හයේ පහර 2 ක් හා හතරේ පහර 13 ක් සමගින්. නායක ෂුබ්මන් ගිල් පන්දු 39 කින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 58 ක්. හයේ පහර 2ක් හා හතරේ පහර 6 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ ඉනිම වෙනුවෙන් නායක සිකන්ඩ රාසා පන්දු 28 කින් ලකුණු 46 ක් රැස් කළා. Tadiwanashe Marumani ලකුණු 32 කටත්, Wessly Madhevere ලකුණු 25 කටත් දැවී ගියා.

පන්දු යැවීමේ දී කලීල් අහ්මඩ් කඩුලු 2 ක් දවා ගත් අතර, තුෂාර් දේශ්පන්ඩේ, වොෂින්ටන් සුන්දර්, අභිෂේක් ෂර්මා හා ශිවම් ඩූබේ කඩුල්ල බැගින් බිද හෙලුවා.