ඔස්ට්‍රේලියානු A කණ්ඩායමෙන් ශ්‍රී ලංකාවට එරෙහිව විශිෂ්ඨ හඹා යාමක්
Match Report

ශ්‍රී ලංකා A කණ්ඩායම සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 7ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට සංචාරක ඔස්ට්‍රේලියානු A කණ්ඩායම අද(8) සමත් වුණා.
කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු A කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.
ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා A කණ්ඩායම නියමිත පන්දුවාර 50 නිමා කළේ කඩුලු 7ක් දැවී ලකුණු 297ක් ලබා ගනිමින්.
නායක ධනංජය ද සිල්වා ලකුණු 68(70)ක් රැස් කළා. ආරම්භක පිතිකරු ඕෂද ප්‍රනාන්දු ලකුණු 65ක් ද, අශේන් බණ්ඩාර ලකුණු 48ක් ද, කමිදු මෙන්ඩිස් ලකුණු 42ක් ද ලබා ගත්තා.
දුනිත් වෙල්ලාලගේ ලකුණු 33කට දැවී ගිය අතර, නිරෝෂන් දික්වැල්ල ලබා ගත්තේ ලකුණු 10ක් පමණයි.
පන්දු යැවීමේ දී Mark Steketee හා Todd Murphy කඩුලු 2 බැගින් බිද හෙලුවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියා A කණ්ඩායම පන්දුවාර 47.4ක් අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 298ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කළා.
කැමරන් ග්‍රීන් නොදැවී ලකුණු 119ක් හා ඇලෙක්ස් කෙරී නොදැවී ලකුණු 52ක් ලබා ගනිමින් ඔස්ට්‍රේලියා A කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා. මැට් රේන්ෂෝ ලකුණු 68යි.
පන්දු යැවීමේ දී දුනිත් වෙල්ලාලගේ ලකුණු 55කට කඩුලු 2ක් දවා ගත් අතර, පුලින තරංග ලකුණු 69කට එක් කඩුල්ලක් දවා ගත්තා.