ඔස්ට්‍රේලියානු හිටපු ටෙස්ට් නායකයාට ප්‍රධාන පුහුණුකරු ධූරයක්

ඔස්ට්‍රේලියානු හිටපු ටෙස්ට් නායක ටිම් පේන් එරට බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා.
සිය වෘත්තීය ක්‍රිකට් දිවියට සමු දී වසර දෙකක් ගත වීමටත් පෙරයි ඔහුට මෙම අවස්ථාව හිමිව ඇත්තේ.
ටිම් පේන් පසුගිය තරග වාරයේ දී එම කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස කටයුතු කළා.
මෙතෙක් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ජේසන් ජිලෙස්පි පසුගිය මාර්තු මාසයේ දී එම ධූරයෙන් ඉවත් වීමට තීරණය කිරීම හේතුවෙනුයි ටිම් පේන් අදාළ ධූරයට මෙලෙස පත් කර ඇත්තේ.