Ultimate magazine theme for WordPress.

ඔස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් සභාපති ක්ලාර්ක් මියයයි

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයෙකු වන ජැක් ක්ලාර්ක් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඇඩිලේඩ් හී දී ඔහු මියයන විට 70 වන වියේ පසු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

1999 වසරේ සිට 2011 වසර දක්වා ඔහු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ නිළධාරියෙකු ලෙස සේවය කළා.

2008 වසරේ සිට 2011 වසර දක්වා වූ කාලයේදී ජැක් ක්ලාර්ක් එරට ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා වූ අතර, බිග් බෑෂ් ලීග් තරගාවලිය ආරම්භ වූයේ ද ඔහුගේ ධූර කාලය තුළදීයි.

Leave a comment