Ultimate magazine theme for WordPress.

ඔස්ට්‍රේලියානු ප්‍රබලයෙක් ​IPL තරගාවලියෙන් ඉවතට

දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රිඩක මිචෙල් මාෂ් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩා කිරීම වෙනුවෙන් යළි ඉන්දියාවට නොපැමිණෙන බව කැපිටල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රිකී පොන්ටින් පවසනවා.

ඔහු තවදුරටත් සිය දකුණු පාදයේ ආබාධ තත්ත්වයෙන් සුවය ලබමින් සිටින බැවින් ඔහුට මෙවර අයි.පී.එල් තරගාවලියේ ඉතිරි තරග ද අහිමි වන බවයි පොන්ටින් මාධ්‍ය හමුවේ කියා සිටියේ.

මිචෙල් මාෂ් 2024 අදියරේ දී තරග 4ක් පමණක් ක්‍රීඩා කළ අතර, එහිදී ඉනිම් තුනකදී ලකුණු 61 ක් රැස් කළා. පන්දුවාර 8ක් යොමු කළ ඔහු දවා ගත්තේ එක් කඩුල්ලක් පමණයි.

තරග 4ක් ක්‍රීඩා කිරීමෙන් පසුව දකුණු පාදයේ සිදු වූ ආබාධය හේතුවෙන් හේතුවෙන් ඔහු යළි ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගියේ අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහායි.

ඔහු තවදුරටත් ඔස්ට්‍රේලියාවේ රදවා ගනිමින් ආබාධය සම්පූර්ණයෙන් සුව කර ගැනීම සදහා අවශ්‍ය පුනරුත්තාපන කටයුතුවල ඔහුව නිරත කිරීමට එරට ක්‍රිකට් ආයතනය අපේක්ෂාවෙන් පසුවන බව සදහන්.

ජූනි මාසයේ දී පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ද ආරම්භ වීමට නියමිතව ඇති අතර, එම තරගාවලියේ දී ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කිරීමට ද නියමිතව සිටින්නේ මිචෙල් මාෂ්.

Leave a comment