Ultimate magazine theme for WordPress.

ඔස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතයට වෙනසක් – මොරිස් BBL යවයි

බිග් බෑෂ් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දෙමින් වේග පන්දු යවන ක්‍රීඩක ලාන්ස් මොරිස් පාකිස්තානයට එරෙහි ඔස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතයෙන් නිදහස් කිරීමට එරට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව මෙල්බර්න් හී දී පාකිස්තානයට එරෙහිව ආරම්භ වීමට නියමිත බොක්සිං දින ටෙස්ට් තරගය සදහා සදහා වන ඔස්ට්‍රේලියානු සංචිතය 13 දෙනෙකු දක්වා අවම කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

පර්ත් හී දී නිමා වූ පළමු ටෙස්ට් තරගයේ දී මොරිස් ටෙස්ට් වරම් දිනා ගනු ඇත්දැයි බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබූ නමුත්, මිචෙල් ස්ටක්, පැට් කමින්ස් හා ජොෂ් හේසල්වුඩ් යන තිදෙනාම එම තරගයට ක්‍රීඩා කිරීම හේතුවෙන් ඔහුට එම අවස්ථාව අහිමි වුණා.

ස්කොට් බෝලන්ඩ් ද සංචිතයේ රැදී සිටින බැවින් ලාන්ස් මොරිස් සංචිතයෙන් නිදහස් කිරීමටයි තීරණය කර ඇත්තේ.

ඒ අනුව Perth Scorchers කණ්ඩායම දෙසැම්බර් 20 වැනිදා Hobart Hurricanes කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කරන BBL තරගය සදහා වන තේරීම් වෙනුවෙන් මොරිස් සලකා බැලීමට පර්ත් කණ්ඩායමට අවස්ථාව පවතිනවා.

දෙවැනි ටෙස්ට් තරගය සදහා වන සංචිතයට ස්කොට් බෝලන්ඩ් ඇතුළත්ව සිටින බැවින් බෝලන්ඩ්ට Melbourne Stars කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට තවදුරටත් අවස්ථාව හිමි වන්නේ නැහැ.

Australia squad for Melbourne Test :

David Warner, Usman Khawaja, Marnus Labuschagne, Steven Smith, Travis Head, Mitchell Marsh, Alex Carey, Mitchell Starc, Pat Cummins, Nathan Lyon, Josh Hazlewood, Cameron Green, Scott Boland

Leave a comment