Ultimate magazine theme for WordPress.

ඔස්ට්‍රේලියානු කාන්තා සංචිතයට වෙනසක්

බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ඔස්ට්‍රේලියානු කාන්තා සංචිතයට වෙනසක් සිදු කර තිබෙනවා.

ඒ අනුව පාදයක ආබාධයකට ලක් වූ Darcie Brown වෙනුවට Grace Harris සංචිතයට ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඇයගේ ආබාධය සුව වීම සදහා කොපමණ කලක් ගත වේදැයි මෙතෙක් නිගමනය කර නැහැ.

ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම බංග්ලාදේශ සංචාරයක නිරත වන්නේ ඉතිහාසයේ පළමු වරටයි.

මෙම සංචාරයේ දී මාර්තු 21 වැනිදා සිට දෙරට අතර එක්දින තරග 3ක් හා විස්සයි 20 තරග 3ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Updated Australia squad for Bangladesh tour

Alyssa Healy (c), Ash Gardner, Kim Garth, Grace Harris, Alana King, Phoebe Litchfield, Tahlia McGrath, Sophie Molineux, Beth Mooney, Ellyse Perry, Megan Schutt, Annabel Sutherland, Georgia Wareham, Tayla Vlaeminck

Leave a comment