Ultimate magazine theme for WordPress.

ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමට ලකුණු 97 ක දැවැන්ත ජයක්

Match Report

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙන් ලකුණු 97 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමත් වුණා.

Paarl හී දී පැවැති තරගයේ දී ඔවුන් හමුවේ පරාජයට පත් වූයේ නවසීලන්ත කාන්තා කණ්ඩායමයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව කඩුලු 9 ක් දැවී ලකුණු 173 ක් රැස් කළා. Alyssa Healy ලකුණු 55 ක් රැස් කළ අතර, Meg Lanning ලකුණු 41 කට දැවී ගියා. Ellyse Perry ලකුණු 40යි.

පන්දු යැවීමේ දී Lea Tahuhu හා Amelia Kerr කඩුලු 3 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තයට පන්දුවාර 14 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 76 ක් පමණයි.

Amelia Kerr ලකුණු 21 ක් හා Bernadine Bezuidenhout ලකුණු 14 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී Ashleigh Gardner ලකුණු 12 කට බිද හෙලූ කඩුලු ගණන 5ක්.