Ultimate magazine theme for WordPress.

ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමට නව පුහුණුකාරිණියක්

ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස Shelly Nitschke පත් කර තිබෙනවා.

ඉදිරි වසර 4ක කාලය සදහා ඇයව එම ධූරයට පත් කිරීමටයි එරට ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත්තේ.

2022 ලෝක කුසලානයෙන් පසුව එතෙක් ඔස්ට්‍රේලියානු කාන්තා පිලේ පුහුණුකරු ලෙස කටයුතු කළ මැතිව් මොට්ගේ ධූර කාලය අවසන් වීමෙන් පසුව Shelly Nitschke කණ්ඩායමේ වැඩබලන පුහුණුකාරිණිය ලෙස ද කටයුතු කළා.

2018 වසරේ සිට ඇය ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමේ සහාය පුහුණුකාරිණියක් ලෙස ද කටයුතු කළා.

මේ වන විට 45 වන වියේ පසුවන ඇය ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 6ක්, එක්දින තරග 80 ක් හා 20යි 20 තරග 36 ක් ක්‍රීඩා කර තිබුණා.