Ultimate magazine theme for WordPress.

“ඒ දොර දැන් වහලා” : සුනිල් නරේන්

එළඹෙන පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට තමාගේ අදහසක් නොමැති බව බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක සුනිල් නරේන් පවසනවා.

මේ වන විට 35 වන වියේ පසුවන නරේන් මේ දිනවල පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී පිත්තෙන් මෙන්ම පන්දුවෙන් ද ඉහළ දක්ෂතා දැක්වීමට සමත්ව සිටිනවා.

මේ වන විට නරේන් මෙවර තරග වාරයේ දී තරග 7කදී ලකුණු 286 ක් ලබා සිටින අතර, වැඩිම ලකුණුලාභින් අතර ඔහු 7 වැනි ස්ථානයේ රැදී සිටිනවා. මෙවර තරගාවලියේ දී කඩුලු 9ක් දවා ගනිමින් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් සම වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවා ගෙන සිටින ක්‍රීඩකයා වන්නේ ද ඔහුයි.

ඒ අනුව ජූනි මාසයේ දී කොදෙව් දූපත්හී දී හා ඇමෙරිකාවේ දී පැවැත්වීමට නියමිත විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය සදහා ඔහුට ක්‍රීඩා කිරීමට ද හැකියාවක් ඇතැයි බොහෝ දෙනෙකු පසුගිය දිනවලදී මත පල කළා. ඒ, ඔහු පසුගිය නොවැම්බර් මාසයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කළ පසුබිමකයි. ඔහු අවසන් වරට කොදෙව් කණ්ඩායම නියෝජනය කර ඇත්තේ 2019 වසරේ දී යි.

පසුගිය දිනක කොදෙව් නායක රොව්මන් පවෙල් ද සුනිල් නරේන් ලෝක කුසලාන තරගාවලියට සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන් අදහස් පල කර තිබූ නමුත්, කොල්කටා කණ්ඩායම නිකුත් කළ නිවේදනයක් ඔස්සේ අදහස් දක්වමින් නරේන් සදහන් කර ඇත්තේ “ඒ දොර දැන් වහලා” යනුවෙනුයි.

Leave a comment