Ultimate magazine theme for WordPress.

එක්දින හා T20 තරගාවලියේ ප්‍රවේශ පත්‍ර අලෙවිය ඇරඹෙයි – මිල ගණන් මෙන්න

ඇෆ්ඝනිස්ථාන කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වීමට නියමිත එක්දින හා 20යි 20 ක්‍රිකට් තරගාවලි නැරඹීම සදහා ප්‍රේක්ෂකයින්ට ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ අවස්ථාව මේ වන විට ලබා දී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වෙබ් අඩවිය හරහා (www.srilankacricket.lk) ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

එක්දින තරගාවලියේ සියලු තරග මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත අතර, පෙබරවාරි 09, 11 හා 14 යන දිනවලදී එම එක්දින තරග 3 පැවැත්වීමට නියමිතයි.

20යි 20 තරගාවලිය පෙබරවාරි 17, 19 හා 21 යන දිනවලදී දඹුල්ල ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

කොළඹ විද්‍යා මාවතේ පිහිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රවේශ පත්‍ර කවුළුවෙන් හා පල්ලේකැලේ ක්‍රීඩාංගනයෙන් පෙබරවාරි 7 වැනිදා සිට ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකියි.

ඊට අමතරව දඹුල්ල ක්‍රීඩාංගනයෙන් ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි වන්නේ පෙබරවාරි 15 වැනිදා සිටයි.

ප්‍රවේශ පත්‍ර මිල ගණන් –

SLC