Ultimate magazine theme for WordPress.

එක්දින හා 20යි 20 තරගාවලියකට ඉන්දියාව ලබන මාසයේ දී දිවයිනට

එළඹෙන ජූනි මාසයේ දී ඉන්දීය කාන්තා කණ්ඩායම මෙරට තරග සංචාරයක නිරත වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(26) නිවේදනය කළා.

මෙම තරග සංචාරයේ දී ඉන්දීය කාන්තා කණ්ඩායම හා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

එක්දින තරගාවලිය අයි.සී.සී කාන්තා ශූරතාවලිය (ICC Women’s Championship) යටතට ද අයත් වනවා.

අයි.සී.සී කාන්තා ශූරතාවලියේ නවතම අදියර (2022-25) යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගාවලිය පාකිස්තානයට එරෙහිව එළඹෙන පළමු වැනිදා ආරම්භ වීමට නියමිතයි.

පාකිස්තානය හැරුණු විට ශ්‍රී ලංකා කණ්ඩායම මෙම අදියරේ දී එංගලන්තය, දකුණු අප්‍රිකාව හා අයර්ලන්තය යන කණ්ඩායම් සමග එම රටවලදී තරග වැදීමට නියමිතයි.

ඊට අමතරව අයි.සී.සී කාන්තා ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙරට දී ඉන්දියාව, නවසීලන්තය, බංග්ලාදේශය හා බටහිර ඉන්දීය කොදෙව් යන කාන්තා කණ්ඩායම්වලට එරෙහිව තරග වැදීමට නියමිතව තිබෙනවා.