Ultimate magazine theme for WordPress.

එංගලන්ත සංචාරය සදහා ශ්‍රී ලංකා නැගීඑන සංචිතය නිවේදනය කෙරේ

එළඹෙන එංගලන්ත තරග සංචාරය සදහා වන ශ්‍රී ලංකා නැගීඑන සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද(28) නිවේදනය කළා.

මෙම සංචාරයේ දී ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සිව්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

සිව්දින කණ්ඩායමේ නායකයා ලෙස නිපුන් ධනංජය නම් කර ඇති අතර, 20යි 20 කණ්ඩායමේ නායකයා ලෙස පත් කර ඇත්තේ ධනංජය ලක්ෂාන්.

නිමා වූ වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායකත්ය දැරූ දුනිත් වෙල්ලාලගේ ද ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් මෙම සංචිතයට ඇතුළත්.

කලන පෙරේරා ද මෙම සංචාරය සදහා නම් කර තිබුණ ද, ඔහු ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වීම හේතුවෙන් සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.

ඔහු වෙනුවට සංචිතයට ඇතුළත් කර ඇත්තේ යසිරු රොද්‍රිගෝ.

මැයි පළමු වැනිදා ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම එංගලන්තය වෙත ළගා වීමට නියමිත බව ක්‍රිකට් ආයතනය සදහන් කළා.

මෙම තරග සංචාරය සිව්දින තරගාවලියෙන් ආරම්භ වන අතර, 20යි 20 තරග 3 ඉන් අනතුරුව පැවැත්වීමට නියමිතව තිබෙනවා.

නැගී එන ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාවක් සලසා දීම මෙම සංචාරයේ අරමුණයි.

අදාළ සංචාරයේ පළමු සිව්දින තරගය ලබන 6 වැනිදා සිට කෙන්ට් හී දී ද, දෙවැනි සිව්දින තරගය ලබන 13 වැනිදා සිට හැම්ප්ෂයර් හී දී ද, තෙවැනි සිව්දින තරගය ලබන 20 වැනිදා සිට සරේ හී දී ද පැවැත්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

20යි 20 තරග තුන මැයි 25, 27 හා 29 යන දිනවලදී පැවැත්වෙන්නේ සරේ, සමර්සෙට් හා ග්ලෝස්ටර්ෂයර් හී දී යි.

Squad :

  1. Lasith Croospulle
  2. Nishan Madushka
  3. Nipun Dananjaya – Captain ( Four Day Games)
  4. Nuwanidu Fernando
  5. Ashen Bandara
  6. Avishka Tharindu
  7. Avishka Perera
  8. Dunith Wellalage
  9. Dhananjaya Lakshan – Captain ( T20s)
  10. Santhush Gunathilake
  11. Yasiru Rodrigo
  12. Amshi De Silva
  13. Nipun Malinga
  14. Udith Madushan
  15. Nipun Ransika
  16. Dilum Sudeera
  17. Ashian Daniel
  18. Manelker De Silva