එංගලන්ත අළුබදුන සංචිතයට වෙනසක්
ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය සදහා එංගලන්ත සංචිතයට 18 හැවිරිදි පා දග පන්දු යවන ක්‍රීඩක රෙහාන් අහ්මඩ් ඇතුළත් කර තිබෙනවා.
පළමු තරගයේ දී ඇගිල්ලක ආබාධයකින් පසු වූ දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක මොයීන් අලී වෙනුවට අවශ්‍ය වුවහොත් කණ්ඩායමට නම් කිරීම සදහා රෙහාන් අහ්මඩ් මෙලෙස සංචිතයට නම් කර ඇති බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
පසුගිය වසරේ දී පාකිස්තානයේ දී රෙහාන් අහ්මඩ් ටෙස්ට් වරම් දිනා ගත් අතර, සිය මංගල තරගයේ දී ම ඔහු කඩුලු 5 ක් දවා ගනිමින් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වුණා.
මොයීන් අලී 2021 වසරේ දී ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කළ නමුත්, අළුබදුන තරගාවලියට නම් කර සිටි ජැක් ලීච් ආබාධයකට ලක්වීමත් සමග මොයීන් අලීට යළි ටෙස්ට් පිටියට පිවිසෙන ලෙසට සිදු කෙරුණු ආරාධනයක් අනුවයි ඔහු මෙම තරගාවලියට ක්‍රීඩා කරන්නේ.
පළමු අළුබදුන තරගයේ දී ඔහු ලකුණු 18 ක් හා 19 ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී කඩුලු 3 ක් දවා ගත්තා.
Also Read : මොයීන් අලීට අයි.සී.සීයෙන් දඩ
එංගලන්ත – ඔස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරගයෙන් ඔස්ට්‍රේලියාව තියුණු ජයක් වාර්තා කළ අතර, දෙවැනි ටෙස්ට් තරගය එළඹෙන 28 වැනිදා ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.
England Men’s Ashes Test Squad:
- Ben Stokes (C)
- Rehan Ahmed
- Moeen Ali
- James Anderson
- Jonathan Bairstow
- Stuart Broad
- Harry Brook
- Zak Crawley
- Ben Duckett
- Dan Lawrence
- Ollie Pope
- Matthew Potts
- Ollie Robinson
- Joe Root
- Josh Tongue
- Chris Woakes
- Mark Wood