Ultimate magazine theme for WordPress.

එංගලන්තයට අයි.සී.සීය දඩ පනවයි

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් දඩ නියම කර තිබෙනවා.

ඒ, ඉන්දීය කණ්ඩායම සමග ඊයේ(18) අහ්මදාබාද්හි පැවැති සිව්වන 20යි 20 ක්‍රිකට් තරගයේ දී නියමිත කාලයට පන්දුවාර 20 යවා නිම නොකිරීම හේතුවෙන්.

ඔයින් මෝර්ගන්ගේ නායකත්වයෙන් යුත් එංගලන්ත කණ්ඩායමට නියමිත කාලය තුළ එක් පන්දුවාරයක් යවා නිමා කිරීමට හැකියාව ලැබී තිබුණේ නැහැ.

ඒ අනුව සියලු ක්‍රීඩකයින්ට තරග ගාස්තුවෙන් 20%ක දඩ මුදලක් පැනවීමටයි තරග තීරකවරයා ලෙස කටයුතු කළ ජවගල් ශ්‍රීනාත් පියවර ගෙන ඇත්තේ.

නායක ඔයින් මෝර්ගන් වරද පිළිගනිමින් ලබා දී ඇති දඩුවම පිළිගෙන ඇති බවත්, එබැවින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විභාගයක් සිදු නොවන බවත් ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළා.

Leave a comment