Ultimate magazine theme for WordPress.

උනඩ්කට් එක්දින සංචිතයට නම් කෙරේ ; ෂර්මාට පළමු එක්දින තරගය අහිමි වෙයි

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා හා අවසන් ටෙස්ට් තරග 2 සදහා වන ඉන්දීය සංචිත නිවේදනය කර තිබෙනවා.

ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් එක්දින සංචිතය සදහා ජයිදේව් උනඩ්කට් නම් කර ඇති අතර, රවීන්ද්‍ර ජඩේජා, අක්සාර් පටෙල්, කේ එල් රාහුල් හා ෂ්රෙයස් අයියර් ද සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

පළමු එක්දින තරගය සදහා නායක රෝහිට් ෂර්මා පෞද්ගලික හේතුවක් මත ක්‍රීඩා කරන්නේ නැහැ. ඒ අනුව එම තරගයේ දී හර්ඩික් පාන්ඩ්යා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කිරීමට නියමිතයි.

නවසීලන්තයට එරෙහි එක්දින තරගාවලියට ක්‍රීඩා කළ ශහ්බාස් අහ්මඩ් හා රාජත් පටිදර් යන ක්‍රීඩකයින් මෙම සංචිතයට නම් කර නැහැ.

ODI Squad:

Rohit Sharma (C), Shubman Gill, Virat Kohli, Shreyas Iyer, Suryakumar Yadav, KL Rahul, Ishan Kishan (wk), Hardik Pandya (vc), Ravindra Jadeja, Kuldeep Yadav, Washington Sundar, Yuzvendra Chahal, Mohd. Shami, Mohd. Siraj, Umran Malik, Shardul Thakur, Axar Patel, Jaydev Unadkat

ඔස්ට්‍රේලියාවට එරෙහි පළමු ටෙස්ට් තරග දෙක සදහා නම් කෙරුණු ඉන්දීය සංචිතයම දෙරට අතර පැවැත්වීමට නියමිත තෙවැනි හා සිව්වැනි ටෙස්ට් තරග සදහා ද නම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Test Squad:

Rohit Sharma, KL Rahul, Shubman Gill, Cheteshwar Pujara, Virat Kohli, KS Bharat (wk), Ishan Kishan (wk), Ravichandran Ashwin, Axar Patel, Kuldeep Yadav, Ravindra Jadeja, Mohd. Shami, Mohd. Siraj, Shreyas Iyer, Suryakumar Yadav, Umesh Yadav, Jaydev Unadkat.

Leave a comment