Ultimate magazine theme for WordPress.

ඉෆ්ටිකාර් අහ්මඩ් පාකිස්තාන සංචිතයට ආදේශ කෙරේ

නවසීලන්තය සමග පැවැත්වෙන තරග 5 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග 3 සදහා තුන් ඉරියව් ක්‍රීඩක ඉෆ්ටිකාර් අහ්මඩ් පාකිස්තාන සංචිතයට ආදේශ කර තිබෙනවා.

ඒ, ආබාධයකට ලක් වූ හැරිස් සොහායිල් වෙනුවටයි. පළමු එක්දින තරගයට පෙර පැවැති පුහුණුවීම් අතරතුර දී ඔහුගේ වම් උරහිසෙහි මෙම ආබාධය සිදු වුණා.

ඒ හේතුවෙන් ඔහුට පළමු එක්දින තරග දෙක අහිමි වූ අතර, සංචිතයට ආදේශ කෙරුණු ඉෆ්ටිකාර් අහ්මඩ් කරච්චි හී දී සංචිතය සමග එක්වීමට නියමිතයි.

රාවල්පින්ඩි හි පැවැති පළමු එක්දින තරග දෙක ජය ගත් පාකිස්තානය මේ වන විට තරග 2-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණ හිමි කර ගෙන සිටින අතර, අවසන් එක්දින තරග 3 ක්‍රීඩා කිරීම සදහා පාකිස්තාන සංචිතය අද(30) කරච්චි වෙත පිටත්ව යාමට නියමිතයි.

Leave a comment