ඉනිමක විශිෂ්ඨ ජයක් සමගින් එංගලන්තය තරගාවලිය සම කරයි
Match Report
දකුණු අප්රිකාව සමග පැවැති දෙවැනි ටෙස්ට් ක්රිකට් තරගයෙන් ඉනිමක හා ලකුණු 85 ක ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලිය තරග 1-1 ක් ලෙස සම තත්ත්වයට රැගෙන ඒමට එංගලන්ත කණ්ඩායම අද(27) සමත් වුණා.
තරගයේ තෙවැනි දිනය වූ අද දිනය ආරම්භ කරන විට මැන්චෙස්ටර්හි Emirates Old Trafford ක්රීඩාංගනයේ දී පැවැති තරගයේ සිය දෙවැනි ඉනිම ක්රීඩා කරමින් සිටි දකුණු අප්රිකාව කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 23 ක් ලබා සිටියා. කෙසේ වෙතත්, ඔවුන්ට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 179 ක් පමණයි.
කීගන් පීටර්සන් ලකුණු 42 ක්, රසී වැන් ඩර් ඩුසේන් ලකුණු 41 ක් හා Sarel Erwee ලකුණු 25 ක් රැස් කළා.
පන්දු යැවීමේ දී ඔලී රොබින්සන් කඩුලු 4 ක් ද, ජේම්ස් ඇන්ඩර්සන් කඩුලු 3 ක් ද දවා ගත්තා.
මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්රිකාව සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 151 ක් පමණයි.
පිළිතුරු ලෙස එංගලන්තය කඩුලු 9ක් දැවී ලකුණු 415 ක් ලබා සිටියදී සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළා.