ඉන්දීය T20 සංචිතයට ක්‍රීඩකයින් තිදෙනෙකු ආදේශ කෙරේ

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන ඉන්දීය සංචිතයට ක්‍රීඩකයින් තිදෙනෙකු ආදේශ කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ අනුව තරග 5කින් යුත් තරගාවලියේ පළමු තරග දෙක සදහා පමණක් සායි සුදර්සන්, ජිටේෂ් ෂර්මා හා හර්ෂිත් රානා ඉන්දීය සංචිතයට ඇතුළත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
සංජු සැම්සන්, ශිවම් ඩූබේ හා යශස්වි ජයිස්වාල් වෙනුවට එම ක්‍රීඩකයින් තිදෙනා සංචිතයට නම් කර ඇති බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළා.
ඒ අනුව සැම්සන්, ඩූබේ හා ජයිස්වාල් විස්සයි 20 ලෝක ශූරතාවය දිනූ ඉන්දීය කණ්ඩායම සමග ඉන්දියාවට පැමිණීමට නියමිතව ඇති අතර, අනතුරුව ඔවුන් අවසන් තරග 3 ක්‍රීඩා කිරීම සදහා සිම්බාබ්වේ බලා පිටත්ව යාමට නියමිතයි.
ලෝක කුසලානය ජය ගත් ඉන්දීය කණ්ඩායම පසුගිය සදුදා දිනයේ දී ඉන්දියාවට පැමිණීමට නියමිතව සිටි නමුත්, කොදෙව් දූපත්වලට බලපෑ සුළි කුණාටුවක් හේතුවෙන් ඔවුන්ට එදින ඉන්දියාවට පැමිණීමට නොහැකි වුණා.
ඉන්දියාවට පැමිණීමෙන් පසුව ඉන්දීය කණ්ඩායම ඇගයීම වෙනුවෙන් විශේෂ උත්සවයක් ද සංවිධාන කර ඇති අතර, එම උත්සවය සදහා ද සහභාගී වීමෙන් පසුව සැම්සන්, ඩූබේ හා ජයිස්වාල් සිම්බාබ්වේ වෙත පිටත්ව යනු ඇති.
මේ අතර, තරගාවලිය සදහා වන සිම්බාබ්වේ සංචිතය ද ප්‍රකාශයට පත් කර තිබෙනවා. සංචිතය සදහා බෙල්ජියමේ උපත ලද Antum Naqvi ද නම් කර තිබීම විශේෂත්වයක්.
India’s squad for 1st and 2nd T20Is vs Zimbabwe
Shubman Gill (c), Ruturaj Gaikwad, Abhishek Sharma, Rinku Singh, Dhruv Jurel (wk), Riyan Parag, Washington Sundar, Ravi Bishnoi, Avesh Khan, Khaleel Ahmed, Mukesh Kumar, Tushar Deshpande, Sai Sudharsan, Jitesh Sharma (wk), Harshit Rana
Zimbabwe squad for T20I series against India
Sikandar Raza (c), Faraz Akram, Brian Bennett, Johnathan Campbell, Tendai Chatara, Luke Jongwe, Innocent Kaia, Clive Madande, Wessly Madhevere, Tadiwanashe Marumani, Wellington Masakadza, Brandon Mavuta, Blessing Muzarabani, Dion Myers, Antum Naqvi, Richard Ngarava, Milton Shumba