Ultimate magazine theme for WordPress.

ඉන්දීය කාන්තා කණ්ඩායම බංග්ලාදේශයේ සංචාරයක

ඉන්දීය කාන්තා කණ්ඩායම සීමිත පන්දුවාර තරගාවලියක් සදහා ජූලි මාසයේ දී බංග්ලාදේශ තරග සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.

එහිදී මීර්පූර්හි Sher-e-Bangla ජාතික ක්‍රීඩාංගනයේ දී තරග පැවැත්වීමට තීරණය කර ඇති බවයි බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ උසස් නිළධාරියෙකු ක්‍රික්බස් වෙබ් අඩවිය වෙත සදහන් කර ඇත්තේ.

ඒ අනුව වසර 11 කට පසුව Sher-e-Bangla ක්‍රීඩාංගනයේ දී කාන්තා ජාත්‍යන්තර තරගයක් පවත්වන පළමු අවස්ථාව බවට එය පත් වනු ඇති. 2012 වසරේ දී දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව අවසන් වරට බංග්ලාදේශ කාන්තා කණ්ඩායම මෙම ක්‍රීඩාංගනයේ දී තරගයක් ක්‍රීඩා කර තිබුණා.

තරග සංචාරය ආරම්භ කරමින් ජූලි 6 වැනිදා ඉන්දීය කණ්ඩායම බංග්ලාදේශයට පැමිණීමට නියමිතව ඇති අතර, සංචාරයේ දී දෙරට අතර එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

ජූලි 9, 11 හා 13 වැනිදා 20යි 20 තරග පැවැත්වීමට නියමිත අතර, එක්දින තරගාවලියේ තරග 16, 19 හා 22 යන දිනවලදී පැවැත්වීමට නියමිතව ඇති බවයි ක්‍රික්බස් වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ.

කෙසේ වෙතත්, තරග කාලසටහන මෙතෙක් නිල වශයෙන් නිවේදනය කර නැහැ.

Leave a comment