Ultimate magazine theme for WordPress.

ඉන්දියාවට එරෙහි ඔස්ට්‍රේලියානු එක්දින කණ්ඩායමේ නායකයා ප්‍රකාශයට පත් කරයි

ඉන්දියාව සමග එළඹෙන 17 වැනිදා ආරම්භ වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ද නිත්‍ය නායක පැට් කමින්ස් ක්‍රීඩා නොකරන බව ඔස්ට්‍රේලියානු ප්‍රධාන පුහුණුකරු ඇන්ඩෘ මැක්ඩොනල්ඩ් පවසනවා.

ඒ අනුව ඔහු වෙනුවට ස්ටීවන් ස්මිත් එක්දින තරගාවලියේ දී ද ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙයවීමට නියමිතයි.

දෙරට අතර පැවැති තරග 4කින් යුත් ටෙස්ට් තරගාවලිය ඊයේ(13) තරග 2-1 ක් ලෙස ඉන්දියාවට ජය හිමි කර දෙමින් අවසන් වූ අතර (සිව්වැනි තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමත් සමග), එම තරගාවලියේ පළමු ටෙස්ට් තරග දෙක සදහා පමණක් පැට් කමින්ස් ක්‍රීඩා කළා.

අනතුරුව ඔහු යළි සිය රට බලා පිටත්ව ගියේ තම මවගේ අසනීප තත්ත්වය හේතුවෙන්. පසුගිය 9 වැනිදා රාත්‍රී කාලයේ දී ඔහුගේ මව පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වුණා.

මේ වන විට පැට් කමින්ස් තීරණය කර ඇත්තේ ඉදිරි දිනවලදීද තවදුරටත් පවුලේ සාමාජිකයින් සමග රැදී සිටීමටයි.

ඒ අනුව දෙරට අතර පැවැති අවසන් ටෙස්ට් තරග දෙකේ දී ද කණ්ඩායම මෙහෙය වූ ස්මිත් තරග 3කින් යුත් එක්දින තරගාවලියේ දී ද ඔස්ට්‍රේලියානු කණ්ඩායමට නායකත්වය ලබා දීමට නියමිතයි.

මේ වන විට ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් එක්දින සංචිතය තුළ රැදී සිටින වේග පන්දු යවන්නන් වන්නේ ශෝන් ඇබෝට්, නේදන් ඇලස් හා මිචෙල් ස්ටක් යන ක්‍රීඩකයින්.

ඊට අමතරව තුන් ඉරියව් ක්‍රීඩකයින් වන කැමරන් ග්‍රීන්, මිච් මාෂ් හා මාර්කස් ස්ටොයිනිස් ද වේග පන්දු යවන්නන් ලෙස යොදා ගැනීමේ හැකියාව ඔස්ට්‍රේලියා කණ්ඩායමට පවතිනවා.

සංචිතයට ඇතුළත්ව සිටින ප්‍රධාන දග පන්දු යවන්නන් වන්නේ ඇෂ්ටන් ඒගාර් හා ඇඩම් සම්පා. ඊට අමතරව ග්ලේන් මැක්ස්වෙල් ද තුන් ඉරියව් දග පන්දු යවන්නෙකු ලෙස යොදා ගැනීමට කටයුතු කරනු ඇති.

Australia squad:

Steve Smith (c), Sean Abbott, Ashton Agar, Alex Carey, Nathan Ellis, Cameron Green, Travis Head, Josh Inglis, Marnus Labuschagne, Mitchell Marsh, Glenn Maxwell, Mitchell Starc, Marcus Stoinis, David Warner, Adam Zampa

Schedule:

  • First ODI: March 17, Mumbai
  • Second ODI: March 19, Vizag
  • Third ODI: March 22, Chennai
Leave a comment